හොඳබාස් වෙබ් අඩවිය සමග ලියාපදිංචි වීම ඉතා සරලව පියවර කිහිපයකින් සිදුකළ හැක. අප ඒ ගැන විමසා බලමු.

මුලින්ම හොඳබාස් වෙබ් අඩවියට පිවිසෙන්න. hodabass.lk

ඉන්පසු “Add My Service” ක්ලික් කර ඔබගේ නම, ජංගම දුරකථන අංකය සහ මුරපදය යොදන්න

දැන් ඔබගේ ජංගම දුරකථනයට ලැබෙන කේතය ඇතුලත් කර පිවිසෙන්න.

ඉන්පසු ලැබෙන පළමු මෙනුවේ ඔබගේ ජංගම දුරකථන අංක දෙකක්, ස්ථාවර දුරකථන අංකයක්, ලිපිනය, පදිංචි දිස්ත්‍රික්කය සහ නගරය සඳහන් කරන්න.

මීළඟට ඇත්තේ ඔබගේ වෘත්තියට අදාල තොරතුරු ඇතුලත් කිරීමයි. මෙහිදී ඔබට වෘත්තීය අවස්ථාවන් 5ක් දක්වා ඇතුලත් කළ හැක. ඉන්පසු ඔබ සේවා සපයන දිස්ත්‍රික්ක සඳහන් කළ යුතුය. ඊට පසුව ඔබ සේවා සපයන නගර සඳහන් කළ හැකිය.

මින්පසු ඔබගේ වෘත්තියට අදාල සුදුසුකම් තිබේනම් ඒවාත් සඳහන් කළහැක. උදාහරණ NVQ සහතික වැනි.

අවසාන වශයෙන් ඔබගේ වෘත්තීය පළපුරුද්ද, ඔබ සේවා සපයන වේලාවන් සහ දිනයන් සඳහන් කළ හැක. පසුව ඔබ ගැන කෙටි විස්තරයක් ලබාදී,ඔබගේ ඉල්ලුම්පත Submit කරන්න. අප ආයතනය ඔබ සම්බන්ධ කරගෙන විස්තර කිහිපයක් ලබාගැනීමෙන් පසුව ඔබගේ ඉල්ලීම අනුමත කරනු ඇත. ඉන්පසු ඔබගේ විස්තර අපෙගේ වෙබ් අඩවියේ සහ ජංගම දුරකථන යෙදුම්වල ස්ථාපිත වනු ඇත.

ඉතාමත් සරළ පියවර කිහිපයකින් ඔබට අප සමග ලියාපදිංචි විය හැක.


Leave a Reply

Your email address will not be published.